“ආරෝග්‍යා පරමා ලාභා සංතුෂ්ටි පරමං ධනං” යන බුද්ධ වචනය අනුව මිනිසෙකුට ලැබිය හැකි පරම ලාභය නිරෝගී බව සහ සිතේ සතුට මිනිසෙකුට ලැබිය හැකි පරම ධනය වේ. හොඳ පුරුදු සමගින් වඩා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් අපි ප්‍රර්ථනා කරන අතර ලෙඩ රෝග වලින් මිදීම හා යහපත් ජීවිතයක් ගත කිරීමට වැදගත් හොඳ පුරුදු දෙකක් ඇත. ඒ ආහාර පාලනය කිරීම, ව්‍යායාම කිරීම වේ.
එමගින් සිරුරේ බර නිසි ආකාරව පවත්වා ගැනීමට ඉවහල් වේ. අධික තෙල් සහිත හා අධික පැණිරස අහාර ගැනීම අඩු කිරීමද විශාල ප්‍රමාණවලින් අනුභවයද අහිතකරය. නිසි ලෙස ආහාර ගැනීමෙන් සිරුරේ බර වැඩිවීම වළකාලිය හැක. එමගින් සන්ධි රෝගද අඩුවේ. අප ගන්නා ආහාර සිරුර තුළදී අපට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ‘කැලරි නමින් හදුන්වන්නේ ශක්තිය මනින ඒකකයකි. එමනිසා ආහාරයකින් සිරුරට කැලරි ලැබේ.එම කැලරි ප්‍රමාණය සිරුරට ලබාදෙන ප්‍රමාණය හා සිරුරෙන් අප දහනය කරන (ක්‍රියාවලි මගින්) කැලරි ප්‍රමාණයට වඩා වැඩි නම් අප සිරුරේ බර ක්‍රමයෙන් වැඩි වේ.එමනිසා කැලරි දහනය කිරීමේ ක්‍රමය නම් ව්‍යායාමවල යෙදීමයි. තවද කැලරි ප්‍රමාණය සිරුරට ලබාදීම අඩුකළ හැක්කේ අහාර පලනයෙනි. එමනිසා ආහාර පාලනය සහ ව්‍යායාම (අධික කැලරි ලබාදීම අඩුකිරීම) යන හොඳ පුරුදු සිරුරේ බර පාලනය කළ හැකි බව පැහැදිලිය. බර අඩු කිරීම අප සිරුරට වාසි ගෙනදේ. එබැවින් මෙය පහසු කාර්යයක් නොවුනත් දැඩි වුවමනාවක් හා මනා සංයමයත් ඇති කරගත් විට අපට බර අඩු කිරීමේ ක්‍රියාවලියට පහසුවෙන් අවතීර්ණ විය හැක.
නිසි බරට වඩා සිරුරේ බර වැඩිවී එන විටම මුල්අවධියේදීම එයට ප්‍රතිකර්ම කිරීම ප්‍රයෝජනවත්ය. පාසල් කාලය අවසන්වීම සමගම බර වැඩිවීම වැළක්වීමට යුහුසුළු විය යුතුය. ස්ත්‍රී පක්ෂය විශේෂයෙන්ම ගර්භනී සමයේදී අධික ලෙස බර වැඩිවීමෙන් වැළකිය යුතුය. කෙසේ නමුත් ඕනෑම වයසකදී අප සිරුරේ බර පාලනය කිරීමට පුළුවනි.
එයට සරල මුලධර්ම කීපයක් අනිවාර්යෙන්ම පිළිපැදීම අවශ්‍ය වේ.
බර අඩුවීමේ වාසි
- ශාරීරික, මානසික හා සමාජයීය සුවතාව වර්ධනය වේ. තම බරින් 10% ක ප්‍රමාණයෙන් සිරුරේ බර අඩුකළ විට දිනපතාම ඔබට වෙනස්කම් හදුනාගත හැක
- කායික ශක්තිය වැඩිවීම
- කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවීම,
- අධික රුධිර පීඩනය අඩුවීම,කැක්කුම හා වේදනාව අඩුවේ, සිරුරේ ක්‍රියාකාරිත්වය හා චලනය පරාසය වැඩිවේ
- හුස්ම ගැනීම හා රටාව වඩා දියුණුවේ, වඩා සුවදාය නින්දක් ලැබේ
- අවදිවීමේදී ඉතා පහසුවක් දැනේ, හෘද වස්තුවට ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය අඩුවෙමින් ඇතිවන පපුවේ අමාරුව වන ‘ඇන්ජෙයිනා’ තත්ත්වය අඩුවේ
- සන්ධිරෝග හා ප්‍රදාහ තත්ත්වයද බොහෝවිට අඩුකර ගැනීමට උපකාරීවේ.